2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

මාලේ තෝරු මෝරුන්ට කොළඹ දොර අරියි

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131


මාලදිවයින රාජ්‍යයේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වලට ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි මෙරට ව්‍යාපාර සමාගම්වල කොටස් ගනුදෙනුවලට සම්බන්ධවීමට අවස්ථාව ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ යෝජනාවක් පරිදි මෙම තීන්දුව ගෙන ඇත. ඒ අනුව මාලදිවයින රජයේ ලැයිස්තුගත සමාගම්වලට කොළඹ කොටස් වෙළෙඳපොළේ අමෙරිකානු ඩොලර්වලින් ආයෝජන සිදුකළ හැකිය.

එහෙත් එම කොටස් වෙළෙඳපොළේ රුපියල්වලින් ගනුදෙනු කරන ආයෝජකයන්ට මාලදිවයින් සමාගම්වල කොටස් මිලදී ගත නොහැකි බව දැනගන්නට තිබේ.

මාලදිවයින් සමාගම් මෙරට ප්‍රධාන පෙළේ සමාගම්වල මූල්‍ය ආයෝජනයන් එම සමාගම්වල මූල්‍ය ශක්තිය ඉහළ යයි. එසේම වැඩි කොටස් මිලදී ගතහොත් ඔවුනට ශ්‍රී ලාංකික සමාගම්වල අයිතිය පවා ලබාගන්නට නව තීරණය නිසා අවකාශ සැලසේ.

I සංජීවිකා සමරතුංග