2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

කොළඹ කුණු මාසෙකට කෝටි 11ක් ගිලී

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

I ජයන්ත සමරකෝන්

කොළඹ නගරයේ එක්රැස්වෙන කසළ කළමනාකරණය වෙනුවෙන් සෑම මසකම වරක් රුපියල් දසකෝටි අසූ ලක්ෂයක් (10,8000000) වැය කරන බව හෙළි වී ඇත.

නගරයේ දෛනිකව එක්රැස් කරන කසළ මෙට්‍රික් ටොන් 600ක් බැහැර කරලීම සඳහා මෙට්‍රික් ටොන් එකකට රුපියල් 6000ක් වැය කිරීමට සිදුවී ඇති බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසන්නීය.

කොළඹ දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල 6ක ප්‍රවාහනය සඳහා පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම් දෙකකට මාසිකව රුපියල් කෝටි 15ක් ද කෙරවලපිටිය ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉඩමකට නගරයේ කසළ බැහැර කිරීම සඳහා හතළිස් ලක්ෂයක්ද වැය කරන බව නගරාධිපතිනිය සඳහන් කරන්නීය.

වෙන්කළ කසළ මෙට්‍රික් ටොන් එකක් එම සංස්ථාව භාරගනු ලබන්නේ රුපියල් 3000කට බවද නගර සභාව කියයි.
වෙන් නොකළ කසළ මෙට්‍රික් ටොන් එකක් සඳහා සංස්ථාව රුපියල් 5000ක මිලක් නියම කර ඇත.