යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේදී රාජ්‍යයේ ස්වභාවය කෙසේ විය යුතුද, රාජ්‍ය ආගම හා ජනතා පරමාධිපත්‍යය සම්බන්ධ වගන්ති කෙලෙස සකස් විය යුතුදැයි තීන්දු කිරීමට විශේෂ යෝජනා පත්‍රයක් සකස් කර තිබේ.
මෙම යෝජනා ඇතුළත් වන්නේ ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව සකස් කළ ප්‍රධාන අතුරු වාර්තාවේය.
ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවය කෙසේ විය යුතුදැයි තීරණය කිරීමට ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව යෝජනා 4ක් ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය ආගම සම්බන්ධ වගන්ති සකස් කිරීමට විකල්ප යෝජනා 7ක් දක්වා ඇත. ඊට අමතරව දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවේ ආගම සම්බන්ධයෙන් ඇතුළත් කර තිබෙන යෝජනා තුනක්ද සඳහන් වෙයි. දකුණු අප්‍රිකාව පිළිගත් අනාගමික රාජ්‍යය පිළිබඳ අදහස්ද මෙම යෝජනා අතර වෙයි.
ශ්‍රී ලංකාවට කේවල හා සමානුපාතික ක්‍රම දෙකේම මිශ්‍රණයක් ඇති මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් සුදුසු යැයි ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව යෝජනාකර තිබේ. පාර්ලිමේන්තු ආසන 223කින් 140ක් (60%) කේවල ක්‍රමයටත්, ආසන 93ක් (40%) සමානුපාතික ක්‍රමයටත් පත්කළ යුතු යැයිද යෝජිතය. පුද්ගලයන් අවතැන්වීම හේතුවෙන් සිදුවූ විෂමතා දුරුකරන්නට උතුරු පළාතට නිශ්චිත කාලයකට අතිරේක ආසන සංඛ්‍යාවක් වෙන් කළ යුතු යැයි ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව කියයි. මේ හැර රටට සෙනෙට් සභාවක්ද යෝජනා කර ඇත.
විධායක ජනාධිපති ධූරය අහෝසි කොට ජනාධිපති නියමිත ධූර කාලයකට පාර්ලිමේන්තුවෙන් පත් කළ යුතු යැයි මෙම යෝජනා මාලාවේ සඳහන්ය. පළාත් සභාවලට බලය බෙදීම පළාත් පාලන ආයතන ක්‍රියාත්මක විය යුතු ආකාරය ආදී කරැණු ඇතුළත් පිටු 29කින් සමන්විත මෙකී වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) සාකච්ඡා කොට අවසන් ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කෙරේ.
I දේශපාලන වාර්තාකරු