2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

වැරැද්ද මණ්ඩලේ නම් පාරිභෝගිකයාට වන්දි

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49


ලංකා විදුලිබල මණ්ඩලය හෝ ලංකා විදුලි පෞද්ගලික සමාගම විදුලිය සැපයීමේදී සිදුවන අසමතුලිතතා හේතුවෙන් පාරිභෝගිකයන්ගේ විදුලිය උපකරණවලට හානි සිදුවුවහොත් ඊට අදාළව පාරිභෝගිකයන්ට වන්දි ගෙවන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව නියමකර තිබේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය පසුගිය ජනවාරි 13 දා සිට ක්‍රියාත්මක වෙයි. 2009 අංක 20 දරණ විදුලිබල පනතට යටත්ව පනවන ලද නව රෙගුලාසි අනුව මෙකී වන්දි ක්‍රමය ක්‍රියාත්මක වෙයි. මෙම වන්දි ක්‍රමයට අමතරව නිසි ප්‍රමිතියකින් යුතුව විදුලිය සැපයුමට අදාළ සැපයුම් ආයතන අපොහොසත්වන අවස්ථාවල පාරිභෝගිකයන්ගෙන් අයකරන ගාස්තු අඩුකළ යුතු බවටද මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත.

I සංජීවිකා සමරතුංග

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00