2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත හරි

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

I දේශපාලන වාර්තාකරු

බෙහෙවින් ආන්දෝලනයට ලක්ව තිබෙන යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබීය.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන වනසුන්දර මහත්මිය මෙරට අගවිනිසුරු පදවියට පත් දෙවැනි කාන්තාවද වන්නේය. හිටපු කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන රාජා වනසුන්දර මහතාගේ ඥාති සහෝදරියක වන ඊවා වනසුන්දර මහත්මිය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක්වූයේ 1979 වසරේදීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු රැසක් හෙබවූ ඇය 2011 දී මෙරට ප්‍රථම නීතිපතිවරිය ලෙස පත්වූවාය. 2012 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියකට පත්වූ ඇයගේ නීති ක්ෂේත්‍රයේ සේවා කාලය වසර 39කි.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන වනසුන්දර මහත්මිය ඉංජිනේරුවරයකු වන ඉන්ද්‍රජිත් වනසුන්දර මහතාගේ බිරියයි.

වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ලබන 12දා විශ්‍රාම ගැනීමත් සමඟ නව පත්වීම සිදුකෙරෙන බව (දේශයට) වාර්තා වෙයි.