2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

තෙල් යළි වැඩිවෙයි

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

I යසවර්ධන රුද්රිගු

පසුගිය සතියේ මැද භාගය වනවිට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 81.8 දක්වා ඉහළ ගොස් තිබිණි. 

2014 වසරේ නොවැම්බර්වලින් පසු වාර්තා වූ ඉහළම මිල මෙය බවත් නුදුරු අනාගතයේදී බොරතෙල් බැරලය ඩොලර් 85 දක්වා ඉහළ යනු ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව පවරා ඇති සම්බාධක දැඩි කිරීම සහ බොරතෙල් නිෂ්පාදනය ඉහළ දමන ලෙසට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සෞදි අරාබියෙන් සහ රුසියාවෙන් කළ ඉල්ලීම් එම රටවල් ප්‍රතික්ෂේප කිරීම මේ තත්ත්වයට බලපා ඇතැයි කියති.

පසුගිය සැප්තැම්බර් 10 වනදා සිට මිල සූත්‍රය අනුව මෙරට පෙට්රල් ලීටරය රුපියල් 4කින්ද, සුපර් ඩීසල් ලීටරය රුපියල් 3කින්ද ඔටෝ ඩීසල් රුපියල් 5කින්ද ඉහළ ගියේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01