2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

එජාප පසුපෙළින් විශේෂ අයවැය යෝජනා

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

I ගයාන් ගාල්ලගේ

2019 අය-වැය සඳහා විශේෂ යෝජනා කිහිපයක් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් අග්‍රමාත්‍යවරයාටත් මුදල් අමාත්‍යවරයාටත් ලබාදෙන බව එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.

එම යෝජනා ජනතාවට දැනෙන සහන කිහිපයක් බවත් විශේෂයෙන් එම යෝජනා ඉදිරිපත් කරන්නේ ජනතා නියෝජිතයන්ගේ වගකීම ඉෂ්ට කිරීමේ අරමුණින් බවත් එම මන්ත්‍රීවරයා කීය.

ඒ අනුව එම යෝජනා කිහිපය ලිඛිතව අගමැතිවරයාටත්, මුදල් අමාත්‍යවරයාටත් ලබාදෙන බවද හෙතම සඳහන් කළේය. එකී යෝජනා කිහිපය ගැන මන්ත්‍රීවරුන් මේ දිනවල සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.