2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

ආණ්ඩුව ගහගන්නවා : ආර්ථිකය වැටෙනවා - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩුව කරන ප්‍රධාන පක්ෂ දෙක විවෘතව ගහගන්නට පටන්ගැනීම නිසා ජාතික ආර්ථිකය දිනෙන් දින අඩාල වී ජනතාව ජීවන බරින් අධික පීඩාවට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

දිනපතාම බදු හා ගාස්තු පනවන මෙබඳු ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ නොවූ බව හිටපු ජනාධිපතිවරයා කීය. රජය ඉන්ධන සඳහා පනවා ඇති මිල සූත්‍රය අද විහිළුවට කාරණයක් වී ඇතැයි පැවසූ රාජපක්ෂ මහතා තවදුරටත් මෙම රජය මේ ආකාරයට ක්‍රියා කළහොත් රටේ ආර්ථිකය සහමුලින් හානියට පත් වී බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් රජය වහා මැතිවරණයකට ගොස් ජනතා කැමැත්ත අනුව නව පාලකයකු පත් කරගන්නට ඉඩදිය යුතු බව සඳහන් කළේය.