2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

පොලිස්පති යවනු: එජාප මන්ත්‍රීවරු අගමැතිට කියති

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

I ගයාන් ගාල්ලගේ

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අග්‍රමාත්‍යවරයාට දැනුම් දී ඇත.  

පසුගියදා අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේ මේ පිළිබඳ යෝජනාව මන්ත්‍රීවරු විසින් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති අතර අනෙකුත් මන්ත්‍රීවරුන් ඊට එකඟත්වය පළකරමින් අදහස් පළකර ඇත්තේ තව දුරටත් ඔහු එම ධූරයෙහි කටයුතු කළොත් එයින් ආණ්ඩුවට විශාල ජනතා විරෝධයක් එල්ලවිය හැකි බව කියමිනි. එසේම පොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියා නිසා දැනටමත් ජනතා විරෝධය රජය කෙරෙහි එල්ලවෙමින් පවතින බවද මන්ත්‍රීවරුන් දන්වා ඇත.

මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගෙන් විමසීමක් කළ විට ඔහු පවසා සිටියේ තමන් එවැනි යෝජනාවක් කළ බවත් ඊට අනෙකුත් මන්ත්‍රීවරුන්ද සහාය දැක්වූ බවත්ය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01