2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

ශාසන විරෝධී ක්‍රියා වළක්වා දෙන්නැයි

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

I ජේ.ඒ.එල්. ජයසිංහ

වර්තමානයේ ගිහි පැවිදි කිහිපදෙනකු විසින් මෑතක සිට සංවිධානාත්මකව හා සූක්ෂමව සිදුකරගෙන යන ශාසන විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට කටයුතු කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් දෙපළ විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපියකින් දන්වා යවා තිබේ.

බෞද්ධ ජනතාව අතර අසමගිය වාදභේද හා ගැටුම්කාරී අහිතකර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමෙන් ජාතිය දුර්වල කොට දේශය අස්ථාවර කිරීමේ බලවේග මේ තුළින් ක්‍රියාත්මක වන බවක් පෙනී යන බැවින්ද එනිසා අධර්මවාදී ගිහියන්ට හා සිවුරු පොරවාගත් පුද්ගලයන්ට විහාරස්ථානවල දේශන පැවැත්වීම සඳහා ඉඩ නොතැබීමට භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධයන් වගබලාගත යුතු යැයිද එම ලිපිය මගින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා පැවරුණ වගකීම අනුව ඉහත කරුණු ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙසද උන්වහන්සේලා ඉල්ලීමක් කරති.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01