2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

සමෘද්ධිය දීමට සුදුසුකම් බලන්න කමිටුවක්

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

I ගයාන් ගාල්ලගේ

ලක්ෂ පහක් සඳහා සමෘද්ධිය ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් අයුරින් සිදුකිරීමට ප්‍රාදේශීය මට්ටමින් සය පුද්ගල කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව විශ්‍රාමික රජයේ නිලධාරින් තිදනෙක්, ප්‍රාදේශීය ලේකම්, කොට්ඨාස සමෘද්ධි කළමනාකරු සහ සමෘද්ධි නිලධාරිවරයා වශයෙන් එම කමිටුව පිහිටුවා තිබේ.

එම කමිටුව විසින් සොයා බලා සුදුසු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට සමෘද්ධිය පිරිනැමීමට තීරණය කර ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් එන තෝරා ගැනීම් පිළිබඳව ගැටලුවක් ඇතොත් ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට ඒ පිළිබඳව සොයා බැලීමේ අයිතියද ඔවුන්ට පවරා දී ඇත.