2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ඩී.අයි.ජී. නාලකගේ ටෙලිෆෝන් කතා පොලිස් කොමිසමට

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 325

I ගයාන් ගාල්ලගේ

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දූෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂක නාමල් කුමාර සමඟ සිදුකළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ජාතික පොලිස් කොමිසමටත් පැමිණි කිරීමට තීරණය කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සංවාදයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සේවයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කිරීමත්, රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ඉවත් කිරීමට සැලසුම් සැකසීමත් හේතුවෙන් පොලිස් නිලධාරීන් රාජකාරි අවදානමකට ලක්ව සිටින බව ඔවුන් සිය පැමිණිල්ලෙන් දැන්වීමට නියමිතව ඇත.

මෙවැනි අවදානම් පරිසරයක රැකියාව කිරීම ජීවිතවලට ප්‍රශ්නයක් වන නිසාත් විශේෂයෙන් ජාතික ආරක්ෂාව අනතුර හෙළීම මෙහිදී බැලූ බැල්මට පෙනෙන කරුණක් වීම නිසාත් වහාම මේ ගැන පරික්ෂණයක් පැවැත්විය යුතු බව එම නිලධාරින් සිය පැමිණිල්ලෙන් දැනුම් දීමට ඇතැයි සඳහන් වේ. ඒ අතර ඔහු ගැන පොලිස්පතිගේ නියමයෙන් වෙනම පරීක්ෂණයක් ද ක්‍රියාත්මකය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01