2018 සැප්තැම්බර් 14 වන සිකුරාදා

විශේෂ වැටප් කොමිසමේ පළමු අදියර අවසන්

 2018 සැප්තැම්බර් 14 වන සිකුරාදා, පෙ.ව. 06:00 48

I චමිඳු නිසල් ද සිල්වා

ජනපති පත් කළ රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිෂන් සභාව තොරතුරු රැස් කිරීම අවසන් කරයි.

සැප්තැම්බර් 03 වැනි දින සිට 14 වැනි දින දක්වා තොරතුරු රැස් කිරීම සිදු වූ අතර රාජ්‍ය ආයතන, වෘත්තීය සමිති, පොදු සංවිධාන සහ අනෙකුත් පාර්ශවයන්ට වැටුප් විෂමතා අවම කිරීම සම්බන්ධ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි. ඒ අනුව විශේෂ කොමිෂන් සභාව මාස දෙකක සීමාවක් තුළ ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරනු ඇත. 

රාජ්‍ය අංශය වෙත ප්‍රශස්ත වැටුප් ව්‍යූහයක් හඳුන්වාදීමේ අරමුණින් මෙම විශේෂ කොමිෂන් සභාව පිහිටුවා ඇත. වැටුප් අසාමානතාවයන් විෂමතාවයන් හා නොගැලපීම් හේතුවෙන් උද්ගතව ඇති අසහනකාරී තත්ත්වයන්නට පාදක වන කරැණු විශ්ලේණය කර නිර්දේශ ඉදිරිපත් කිරීම මේ හරහා සිදුවෙයි.

කොමිසමේ පළමු රැස්වීම් වාරය සැප්තැම්බර් 03 වැනි දින පවත්වා තිබේ. මෙම කොමිෂන් සභාවේ නිර්දේශ හරහා වැටුප් පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීමට රාජ්‍ය අංශයේ බොහෝ පාර්ශව බලාපොරොත්තුවෙන් සිටිති.