2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ඒකාබද්ධයේ මීළඟ උද්ඝෝෂණය ජනවාරියේ

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

I සංජීවිකා සමරතුංග

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන මීළඟ ජාතික විරෝධතාව ලබන වසරේ ජනවාරි මස 08 වැනිදා පැවැත්වීමට තීන්දු කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

වත්මන් ජනාධිපති ධූර කාලයට වසර 4ක් සපිරෙන දා මෙම ජාතික විරෝධතාව සංවිධානය කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධයේ සෙසු පක්ෂ නායකයන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි දේශයට වාර්තා වෙයි.

ඊට පෙර ප්‍රාදේශීය මට්ටමෙන් ජනතාව දැනුම්වත් කරමින් ප්‍රාදේශීය විරෝධතා ගණනාවක් සංවිධානය කෙරෙනු ඇති බවත් දැනගන්නට තිබේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01