2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා මීළඟට රජරට

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

I චමිඳු නිසල් ද සිල්වා

රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතිය වන ගම්පෙරළිය වැඩසටහනට අයත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ ඊළඟ පියවර ලබන වසරේ මුල් භාගයේදී අනුරාධපුරයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

තෙදින ප්‍රදර්ශනයක් වන මෙහි ප්‍රථම පියවර පසුගිය 29, 30, 31 දින තුන තුළදී මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ගොවීන්, කර්මාන්තකරුවන්, ස්වයං රැකියා සිදුකරන්නන් හා තරුණයන් සඳහා වන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙයි. ණය යෝජනා ක්‍රම 16ක් ඊට ඇතුළත්ය. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ අවම පොලියකට මෙම ණය ලබාදීම සිදු කරන බවයි. එහිදී අදාළ ණයවල පොලියෙන් 50% සහ 75% බැගින් රජය මගින් ගෙවන අතර 3.38% සිට 7% වන අවම පොලියක් යටතේ අදාළ ණය ලබා ගැනීමට මෙහිදී ජනතාවට හැකියාව ලැබෙයි.