2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

උද්ඝෝෂණයට බාධා එපා - නාමල් කතානායකට කියයි

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

I ගයාන් ගාල්ලගේ

එළඹෙන පස්වැනිදා පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී ජනතා උද්ඝෝෂණය ඉතා සාමකාමී ලෙස පවත්වාගෙන යාමට සුදුසු පරිසරය සකසා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් කථානායකවරයාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

මෙම උද්ඝෝෂණය සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වන නිසා පොලීසිය මැදිහත්ව යම් බාධාවක් ජනතාවට සිදුකරනු ඇතැයි යනුවෙන් ඇති වූ සැකය නිසා මෙලෙස දැනුම් දුන් බව මන්ත්‍රීවරයා කීය.

මෙම උද්ඝෝෂණය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු, ආණ්ඩු විරෝධී සියලුම සංවිධාන බලවේග, වෘත්තීය සමිති සහ ආණ්ඩු විරෝධී සියලුම ජනතාව එක්වන බව ඔහු කීය. මෙය ලංකාවේ ඓතිහාසික දිනයක් වනු ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරත් පැවසීය.

ආණ්ඩු විරෝධි සැම දෙනාටම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පස්වැනිදා සවස දෙකට කොළඹට රැස්වෙන ලෙසද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01