2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

උතුරේ මහ ඇමැති සටනට ඩග්ලස් දේවානන්දත්

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

I සංජීවිකා සමරතුංග

ඉදිරියේ පැවැත්වෙන උතුරු පළාත් සභා ඡන්දයේදී මහ ඇමති අපේක්ෂකයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඉදිරිපත් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඔහු මේ සම්බන්ධයෙන් සිය ඊ.ජී.වී.පී පක්ෂය මේ වනවිටත් දැනුම්වත් කර තිබෙන අතර දකුණේ ප්‍රධාන පක්ෂ නායකයන්ගේ සහාය ඔහුට ලබාගැනීම සඳහා දැනටමත් සාකච්ඡාවක් අරඹා ඇත.

වතුකර සුළු පක්ෂ හා ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඔහු මේ ගැන දැනටමත් අදහස් හුවමාරු කරගෙන තිබේ. ඉදිරියේදී මුස්ලිම් පක්ෂ ද මුණගැසෙනු ඇතැයි සඳහන්ය.

වත්මන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට දේශපාලන සටනක් දීමේ අරමුණින් ඩග්ලස් මෙම තරගයට අවතීර්ණ වන බව කියැවේ.