2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ටී. එන්. ඒ. බලපොරය උග්‍රයි: ජනපතිගේ කමිටුවට විග්නේෂ්වරන් බෑ කියයි

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 24

I දේශපාලන වාර්තාකරු

ජනාධිපතිවරයා විසින් උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා පත්කොට ඇති විශේෂ කාර්ය සාධන කමිටුවට සහභාගිවීම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දේශයට වාර්තාවේ.

සිය පක්ෂ නායකයා වන විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා මීට සහභාගි වන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට සහ මහ ඇමැතිවරයාට නිල වශයෙන් දැනුම් දී තිබියදීත් ඔහු කාර්යසාධක කමිටුවට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇත. මේ හේතුවෙන් දෙමළ සන්ධාන නායකයා සහ මහ ඇමැති විග්නේෂ්වරන් අතර බල අරගලය උග්‍ර වී ඇතැයි උතුරෙන් වාර්තා වේ.

මෙම වර්ජනයට හේතු පැහැදිලි කරමින් කරුණු දක්වා ඇති මහ ඇමැතිවරයා කියා ඇත්තේ උතුරට දැන් අවශ්‍ය වන්නේ සංවර්ධනයට පෙර දේශපාලන විසඳුමක් ලබාදීම බවය.