2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට රතු එළියක්

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 04:42 170


ශ්‍රී ලංකාව විදෙස් ආයෝජකයන්ට දැඩි අවදානම් රටක් බව ප්‍රකට බ්ලූම්බර්ග් මූල්‍ය සේවා ආයතනය සඳහන් කරයි. මූල්‍ය, ආර්ථික සහ දේශපාලන පසුබිම් ඇතුළත් සාධක 29ක දර්ශක මත පිහිටා බ්ලූම්බර්ග් ආයතනය මාසිකව එක් එක් රටට අගැයීම් ලබාදෙයි. ඒ නිර්නායක අනුව ශ්‍රී ලංකාව ලබා සිටින්නේ ලකුණු 12ක් පමණි. ඔවුන්ගේ නිර්නායක අනුව එය දැඩි අවදානම් සහගත තත්ත්වයකි. එසේම තිබූ තත්ත්වයෙන් පහළ යාමකි.

ස්කැන්ඩිනේවියානු රටවල් මේ දර්ශකයේ ඉහළින් සිටින අතර එහි ප්‍රමුඛත්වය හිමි කරගෙන සිටින නොර්වේ ලකුණු 96.5ක් ලබා සිටී. දැඩි අවදානම් කලාපයේ පහළම සිටින වෙනිසියුලාව ලබා ඇත්තේ ලකුණු 3ක් පමණි. අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් ඉහළින් සිටින අතර චීනය සැලකෙන්නේ අවදානම් සාධක සම්බන්ධයෙන් මධ්‍යස්ථ රටක් වශයෙනි.  බ්ලූම්බර්ග් යනු මූල්‍ය, ආර්ථික සහ දේශපාලන දර්ශක පදනම් කරගනිමින් ලොවටම සේවා සපයන පිළිගත් සුප්‍රකට ආයතනයකි. 

ව්‍යාපාරික වාර්තාකරු |