2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

ලේඛනාගාරයේ ඉපැරැණි ලේඛන හොරෙන් විකුණලා

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 367

මැතිසබේ හෙළිදරව්වට මන්ත්‍රීවරු සැරසෙති

ගයාන් ගාල්ලගේ l

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු පුස්තකාලයේ ආරක්ෂිතව ඇති ඉපැරැණි අතිශය දුර්ලභ ලිපි ලේඛනවල ඡායාරූප පිටපත් කර ඉතා රහසිගතව විදේශීය සංවිධානවලට සහ නොයෙක් ආයතනවලට විකිණීමේ දැවැන්ත ජාවාරමක් ගැන විශේෂ පරීක්ෂණයක් රජය විසින් ආරම්භ කර තිබේ.

මේ පිළිබඳව තොරතුරු සොයාගත් ආණ්ඩුවේ එක්තරා මන්ත්‍රී කණ්ඩායමක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ ගැන සම්පූර්ණ විස්තර සහිතව පැමිණිලි කර ඇත. ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් ලබාගෙන මෙකී ජාවාරම සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළි කිරීමට සූදානම් වන බවත් එකී මන්ත්‍රී කණ්ඩායමේ නම සඳහන් කිරීමට අකමැති මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය. ඔහු පවසන පරිදි මේ ජාවාරම ගැන චෝදනා එල්ල වී ඇත්තේ දෙපාර්තමේන්තුවේ බලවත් තනතුරක් දරන වගකිවයුත්තකුටය.

පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාලවලට අයත් ලිපි ලේඛන සහ ඊට පෙර පාලන  යුගයන්ට අයත් ඓතිහාසික ලිපි ලේඛනවල පිටපත් මෙලෙස රුපියල් ලක්ෂ ගණන්වල මුදලට විකුණනු ලබන බව වාර්තා වී ඇතැයි එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මියගෙන් විමසීමක් කළවිට ඇය සඳහන් කර සිටියේ තමන් එවැනි දෙයක් නොදන්නා බවත් එසේම එවැනි පරීක්ෂණයක් සිදුකරන බවට දන්වා නොමැති බවත්ය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01