2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

ව්‍යවස්ථාවේ ඉලක්කය රාජපක්ෂ පවුල - මහින්ද රාජපක්ෂ

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 312

I දේශපාලන වාර්තාකරු

වත්මන් රජය එක් එක් පුද්ගලයන් ඉලක්ක කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සකස් කිරීම නිසා ව්‍යවස්ථා සංශෝධනය නොකෙරෙන වෙදකමක් බවට පත්වෙමින් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

අද මෙරට නොනිල විපක්ෂය ලෙස ක්‍රියාකරන ඒකාබද්ධ විපක්ෂය අඩුවෙන් තක්සේරු නොකරන්නැයි රජයට දැන්වීමට කැමැති යැයි කී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්ද ලක්ෂ 58 ක් ලැබුණ බවත් ඉන්පසුව පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව සිය පක්ෂයට රට තුළ ඇති ජනබලය පෙන්වා ඇති බවත් සඳහන් කළේය. එම නිසා පවුලකින් පළිගැනීමට විවිධ වගන්ති දමමින් අලුත් ව්‍යවස්ථා කෙටුම්පත් කොට වැරදි පූර්වාදර්ශ නොදෙන්නැයි තමන් රජයට ඉතා වගකීමෙන් දැනුම්දෙන වග කියා සිටියේය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල වගන්ති කෙසේ දැම්මත් සිය පක්ෂය ජනපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා නිසැකවම ජයගන්නා බවද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01