2018 ජුලි 28 වන සෙනසුරාදා

සීයට 72ක් පොලිය ගන්නා සමාගම්වලට තොප්පියක්!

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 282

I සංජීවිකා සමරතුංග

දැනට කුඩා මූල්‍ය සමාගම් (ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්) විසින් පාරිභෝගිකයාට ණයදීමේදී අයකරන අධික වාර්ෂික පොලිය 30කට සීමා කිරීමට මුදල් අමාත්‍යංශය තීන්දු කර ඇත. මෙම තීන්දුව ගත්තේ දැනට ග්‍රාමීය මට්ටමින් ජනතාවට ණය දෙන මෙබඳු මූල්‍ය සමාගම් 72ක් තරම් ඉහළ වාර්ෂික පොලියකට ණය සපයන බවට රජය කළ විමර්ශනවලදී හෙළිදරව් වීම නිසාය. 

එහෙත් දැනට පිළිගත් වාණිජ බැංකුවල පවා ණය පොලී අනුපාතය 20ක පමණ මට්ටමේ පවත්නා බැවින් දිළිඳු ජනතාව සූරාකමින් අසීමිත  පොලී අයකිරීම වැළැක්වීමට රජය මෙම තීරණය ගෙන තිබේ.

සමහර රාජ්‍ය නොවන සංවිධාන හා ප්‍රාදේශීය මූල්‍ය සමාගම් ගොවීන් සුළු ව්‍යාපාරිකයන් වැනි අයට මාසිකව 6ක (වාර්ෂික පොලිය 72කට) ණය නිකුත් කිරීමෙන් ග්‍රාමීය ණයගැති භාවය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශයට වාර්තා වී තිබුණි.