2018 ජුලි 28 වන සෙනසුරාදා

16 කණ්ඩායම අලුත් පක්ෂයක් මිලට ගනී

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 291

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම නව පක්ෂයක් පිහිටුවීමට තීරණය කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් දේශයට පැවසීය.

ඒ සඳහා පසුගිය කාලයේ වඩාත් ජනප්‍රිය වූ මන්දිරයක් හිමි ව්‍යාපාරිකයකුට අයත් පක්ෂයක් මිලදී ගැනීම සඳහා 16 යේ කණ්ඩායම සාකච්ඡා කරමින් සිටින බවත් වාර්තා වේ.

යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් නොවුවහොත් ශ්‍රීලනිපයෙන් ඉවත්ව පැමිණෙන පිරිස රඳවා ගැනීම සඳහා මෙම පක්ෂය පිහිටුවීමට තීරණය කර ඇති බව එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.

එසේ පිහිටුවන පක්ෂය ඉදිරියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.