2018 ජුලි 28 වන සෙනසුරාදා

මත්තලින් අත ගන්නැයි ඒකාබද්ධය ඉන්දියාවට කියයි

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 263

I දේශපාලන වාර්තාකරු

මත්තල ගුවන් තොටුපොළ ඉන්දීය ආයෝජකයකු විසින් දිගුකාලීනව බදු ගතහොත් එයින් රට තුළ දැඩි ඉන්දීය විරෝධයක් හටගැනීමට ඉඩ ඇති බැවින් මෙම ව්‍යාපෘතියෙන් ඉවත්වන ලෙස ඉන්දියාවට දන්වා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කර ඇත.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ඉදිරි සතියේ ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවන බව එම මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයෙක් දේශයට කීය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා මුණගැසෙන එම නියෝජිත පිරිසට නායකත්වය දෙන්නේ දිනේෂ් ගුණවර්ධන මහතාය. මහාචාර්ය ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ සහ කනක හේරත් යන මහත්වරු සෙසු නියෝජිතයෝ වෙති.