2018 ජුලි 21 වන සෙනසුරාදා

ජනපති බිස්කට් බද්ද ඉවතදමයි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

I ගයාන් ගාල්ලගේ

මෙරට ආහාරපාන නිෂ්පාදකයන් විසින් නිපදවන සීනි සහිත ආහාර ද්‍රව්‍ය සඳහා පැනවීමට නියම කර ඇති විශේෂ බද්ද හේතුවෙන් බිස්කට් සහ රසකැවිලි නිෂ්පාදන සමාගම් වැසී යාමේ අර්බුදයක් උද්ගතව ඇතැයි ප්‍රමුඛ පෙළේ බිස්කට් සමාගම් ගණනාවක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම බද්ද වහා අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යංශයට නියෝග කර ඇත. ගෙන ඒමට තිබූ නව බදු ක්‍රමය යටතේ සියයට 15 කට වඩා එකක් හෝ වැඩි ආහාර සඳහා ඊට රුපියලක් අය කිරීමට මුදල් අමාත්‍යංශ තීරණය වී තිබිණි. එවිට ‍ඇතැම් බිස්කට් සහ බීම වර්ගවල සීනි සාන්ද්‍රණය 20කට 30කට වඩා වැඩි වුවහොත් රුපියල් 05ත් 15ත් අතර අමතර බදු මුදලක් ඇතුළත් වේ. මේ නිසා දේශීය බිස්කට් කර්මාන්තයට විශාල ලෙස පාඩු විඳීමට සිදුවන බැවින් බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙසට දේශීය බිස්කට් සමාගම් පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම බදු ක්‍රමය ගෙන ඒමට ඉඩ නොතබන බවය. යම් හෙයකින් එම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් බිස්කට් පැකැට්ටුවක් රුපියල් 20කින් පමණ ඉහළ යනු ඇතැයි පැවසේ.