2018 ජුලි 21 වන සෙනසුරාදා

ගාලු ක්‍රිකට් පිටිය දැන් ගැලවීම අපරාධයක් - චන්දිම වීරක්කොඩි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

l චමිඳු නිසල් ද සිල්වා

ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ නම ප්‍රශ්නයක් වී ඇත්නම් ක්‍රීඩාංගණය අලුතින් නම්කර නව ක්‍රීඩාපිටියක් හදනතුරු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකළ යුතු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හදිසියේම එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඇති සූදානම පිළිබඳ පළවන වාර්තා ගැන අප කළ විමසීමකදීය.

වීරක්කොඩි මහතා තවදුරටත් පැවැසුවේ යුනෙස්කෝව සමඟ පැවැති ගැටලුව දශක දෙකකට ආසන්න කාලයක් පැවති බවත් ඊට විසඳුම හදිසියේම ක්‍රීඩාංගණය ඉවත් කිරීම නොව දැනට කොග්ගල ප්‍රදේශයේ හඳුනාගෙන ඇති ස්ථානයේ නව ක්‍රීඩාංගණය ඉදිකිරීමෙන් පසුව එය ඉවත් කිරීම බවත්ය.“ගාල්ලෙන් තමයි අලුත් තරුණ ක්‍රීඩකයෝ වැඩි ප්‍රතිශතයක් ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්නේ. ඒකට ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ වගේම රටේ ක්‍රීඩාවට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. අවුරුදු එකසිය පනහක් (150) ක්‍රිකට් ගහලා ටෙස්ට් තරග තිස්දෙකක් (32) ගහලා එයින් දහඅටක් (18) දිනපු රටට වාසනාව ගෙනාපු ක්‍රීඩාංගණයක්. රටේ ආර්ථිකයටත් ලොකු බලපෑමක් වෙනවා. දැනටමත් නොවැම්බර් මාසයේ පැවැත්වීමට තිබෙන තරග සඳහා දෙදහසකට වැඩි බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් හෝටල් කාමර වෙන් කරගෙන සිටිනවා යැයි චන්දිම වීරක්කොඩි මහතා කීය.