2018 ජුලි 21 වන සෙනසුරාදා

ගෝඨා අධිකරණයට

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

අධිකරණ වාර්තාකරු l

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූවා යැයි කියන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනකුට ලබන සැප්තැම්බර් 07 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා පසුගිය සිකුරාදා (20) නියෝග කළාය. එම නියෝගයට අමතර එම හත්දෙනා සැකකරුවන් ලෙසද නම් කරනු ලැබූහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජූනි 25 වැනිදා හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් පැය 3කට ආසන්න කාලයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කොට නීතිපතිවරයා වෙත තොරතුරු වාර්තා කිරීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.