2018 ජුලි 21 වන සෙනසුරාදා

විජයකලා ලබන සතියේ පොලීසියට

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

I ගයාන් ගාල්ලගේ

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත නගාසිටුවිය යුතු බව කියමින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමැතිනියගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් එළඹෙන සතියේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

කතානායකවරයා විසින් නීතිපතිවරයාට කළ දැනුම්දීමකට අනුව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කිරීමෙන් පසුව මෙම පරීක්ෂණය සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කර තිබුණි.

පසුගිය සතියේදී විජයකලා මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සිදුකරන අතරවාරයේ එම උත්සව සභාවේ සිටි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, කිලිනොච්චි සහ යාපනය දිසාපතිවරුන් ඇතුළු පුද්ගලයන් 20 දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත. අවසාන වශයෙන් විජයකලා මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව ලබාගත් සියලුම ප්‍රකාශ එකතු කොට වාර්තාවක් සකසා පොලිස්පතිවරයාට ලබාදීමට නියමිතව ඇත. පසුව පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට ලබාදී නීතිපතිවරයා විසින් නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පක්ෂනායකවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01