2018 ජුලි 14 වන සෙනසුරාදා

භික්ෂු විනය රැකිමේ බලය මහ නාහිමිවරුන්ට

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 193

I සංජීවිකා සමරතුංග

බෞද්ධ විනය නීති සහ රාජ්‍ය නීති කඩකරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ පූර්ණ බලතල මහානායක හිමිවරුන්ට පැවරෙන නව නිකාය කතිකාවත ලබන ජූලි 20දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

වසර 2015 දී කතානායක කරු ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹි කතිකාවත සම්පාදනය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද එක්වූහ. නව කතිකාවත සම්මත වූ පසු ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා විනය කඩකළ අවස්ථාවල උන්වහන්සේලාට දඬුවම් පැනවීම පමණක් නොව භික්ෂූත්වයෙන් පහකිරීමේ බලයද මහානාහිමිවරුන්ට පැවරේ. ඊට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට නව නීතිය අනුව ඉඩක් නැත. එහෙත් යම් භික්ෂූන් වහන්සේ නමකට තම මානව හිමිකම් කඩවූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන ඉල්ලා සිටීම සංඝ කතිකාවත මගින් වළක්වා නැත