2018 ජුලි 07 වන සෙනසුරාදා

අස්වුණාට මදි හිටපු ජනපති මහින්ද කියයි

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

I දේශපාලන වාර්තාකරු

විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමෙන් පමණක් ඇය විසින් කරන ලද බරපතළ ප්‍රකාශයට අදාළ වරදින් නිදහස් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

දැනට ආණ්ඩුව විපක්ෂයේ අයට ක්‍රියාත්මක කරන නීතියම ඇයටත් ක්‍රියාත්මක කළ යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේ නොකරන්නේ නම් ඊට ජනාධිපති, අගමැති හා කතානායකවරයා වගකිව යුතුයැයි කී හිටපු ජනාධිපතිවරයා මෙබඳු කතාවක් බෞද්ධ නායක හිමිනමක් හෝ වෙනත් මුස්ලිම් ප්‍රධානියකු අතින් කියවුණේනම් රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දේශපාලනඥයන් විශාල ඝෝෂාවක් කරන්නේ යැයිද කීය. ඒ නිසා අමැතිනී විජයකලා විසින් කරන ලද ප්‍රකාශය සිල්ලර විහිළුවක් බවට පත් නොකර වගකීමෙන් රජය ඒ ගැන ක්‍රියා කරන තුරු විපක්ෂය අවදියෙන් බලා සිටින්නේ යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.