2018 ජුලි 07 වන සෙනසුරාදා

ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී පිරිසක් හෙළ උරුමයට?

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

I දේශපාලන වාර්තාකරු

චම්පික රණවක අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික හෙළ උරුමය පක්ෂයට ශ්‍රී.ල.නි.ප මෛත්‍රී පිලේ දැනට කටයුතු කරන මැති ඇමැති පිරිසක් එක්වීමේ සූදානමක් ඇතැයි දේශයට වාර්තා වෙයි.

දැනට ශ්‍රී.ල.නි.පයේ කටයුතු කරන පොහොට්ටුවට හෝ එ.ජා.පයට ඍජුව එක්වීමට අකැමැති මෙම මැති ඇමැති පිරිස සිව්දෙනකු පමණ විය හැකි බවද දැනගන්නට ඇත. ඉදිරි මහ මැතිවරණය ආසන්නයේ මොවුන් ජාතික හෙළ උරුමය සමඟ එක්වනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. ඒ ගැන දැනටමත් තමන් ඇතුළු පිරිසක් මූලික සාකච්ඡා කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයකු පසුගිය සතියේ සිය පාක්ෂිකයන්ට ප්‍රකාශ කර තිබිණි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01