2018 ජුලි 07 වන සෙනසුරාදා

විපක්ෂ මන්ත්‍රීන් දෙදෙනකුට එරෙහිව විනය පියවර

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

I පාර්ලිමේන්තු වාර්තාකරු

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනියගේ සිද්ධිය ගැන මැතිසබයේ හටගත් උණුසුම් විවාදයේදී ආවේගශීලී ලෙස හැසිරුණ විපක්ෂ මන්ත්‍රීන් දෙදෙනකුට එරෙහිව ස්ථාවර නියෝග යටතේ දැඩි පියවර ගැනීමට කතානායකවරයා තීන්දු කර ඇතැයි වාර්තා වේ.

සෙංකෝලය උදුරා ගැනීමට තැත් කිරීම, නොසරුප් වදන් භාවිතා කිරීම වැනි චෝදනා ගණනාවක් මොවුන්ට එල්ල වී ඇතැයි කියැවේ. මෙයින් එක් මන්ත්‍රීවරයෙක් ගම්පහ දිසාව නියෝජනය කරන අතර අනෙක් මන්ත්‍රීවරයා කොළඹ දිසාව නියෝජනය කරයි.

මෙදින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගේ ආවේගශීලී හැසිරීම ගැන ස්වාධීන ආයතනයක් ලවා කතානායකවරයා විසින් ජනමත විමසුමක් පවත්වා ඇත. එහි ප්‍රතිඵල මේ වනවිට කතානායකවරයාට ලැබී තිබේ. ඒ අනුව එදින මන්ත්‍රීන්ගේ ආවේගශීලී හැසිරීම සමීක්ෂණයට පිළිතුරු ලබාදුන් 96%ක් දෙනා ප්‍රතික්ෂේප කරන බව වාර්තාවේ. කතානායක කාර්යාලය මෙවැනි සමීක්ෂණයක් සිදුකළේ ප්‍රථම වතාවටය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00