2018 ජුනි 30 වන සෙනසුරාදා

ඡන්ද ඔක්කොම එක දවසේ තියන්න! - ඇමැති දයා ගමගේ

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

I රජිත ජාගොඩආරච්චි

සාධාරණ මැතිවරණ සංස්කෘතියක් සහ විධිමත් පාලනයක් පවත්වාගෙන යෑමට නම් පළාත් සභා මැතිවරණ සියල්ල එක් දිනයක් තුළ පැවැත්විය යුතු බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා දේශයට පැවසීය.

ඔහු පෙන්වාදුන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදී පළාත් සභා මැතිවරණ කඩින් කඩ පවත්වමින් විකෘති මැතිවරණ සංස්කෘතියකට මුල පිරූ බවත් මේ අවස්ථාවේදී හෝ එය නිවැරදි කරගත යුතු බව ය.

ඒකාධිපතිත්වය පරාජය කර යහපාලනය උදාකරගත් වටපිටාවකදී එවැනි මැතිවරණ සංස්කෘතියක් හඳුන්වා නොදී රටේ ඉදිරි ගමන සාර්ථක කරගත නොහැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 

පළාත් සභා ඡන්ද සියල්ල පමණක් නොව පළාත් පාලන ආයතන මැතිවරණයද, පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය ද එකම දිනයක පැවැත්වීමට තමා පක්ෂ යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය. 

මේ වනවිට පළාත් සභා තුනක ධුර කාලසීමාව අවසන් වී ඇති අතර තවත් පළාත් සභා තුනක ධූර කාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය. බස්නාහිර සහ දකුණු පළාත් සභාවල පාලන කාලය ලබන මැයි මාසයේදී ද ඌව පළාත් සභාවේ පාලන කාලය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ද අහෝසි වීමට නියමිතය.