2018 ජුනි 23 වන සෙනසුරාදා

විග්නේශ්වරන් ජනපතිගෙන් මුදල් ඉල්ලයි

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

I සංජීවිකා සමරතුංග

උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා විසින් පිහිටුවීමට යෝජනා කර ඇති විශේෂිත උතුරු පළාත් සංවර්ධන අරමුදලට මධ්‍යම රජයෙන් අරමුදල් සපයන ලෙස ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබේ.

මෙයට පෙර ඒ සම්බන්ධයෙන් තමන් කරන ලද ඉල්ලීම මෙතෙක් ඉටුනොවීම ගැන කරුණු දැක්වූ මහ ඇමැතිවරයා පසුගියදා උතුරේ සංචාරයක යෙදුණ ජනාධිපතිවරයාගෙන් මෙම මුදල් සපයන ලෙස ඉල්ලා ඇත. තමන්ගේ නිල කාලය නිමාවන්නට පෙර එම අරමුදල් සපයා දෙන ලෙස මහඇමැති විග්නේෂ්වරන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇතැයි ද කියැවේ.

පළාත් සභා මට්ටමින් සංවර්ධන අරමුදල් පිහිටුවීමේ ප්‍රතිපත්තිය සම්බන්ධව රජය අවසාන තීරණයක් නොමැති බැවින් ජනාධිපතිවරයා ඊට විධිමත් ප්‍රතිචාරයක් දක්වා නැතැයි සඳහන්ය.