2018 ජුනි 16 වන සෙනසුරාදා

ටී.එන්.ඒ. මන්ත්‍රී එජාපයට එක්වෙයි?

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

I දේශපාලන වාර්තාකරු

දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම සඳහා සාකච්ඡාවක් අරඹා ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

දැනට දෙමළ ජාතික සන්ධානය තුළ බරපතළ විවේචනවලට භාජනය වී සිටින මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නීති විශාරදයකු බව පැවසේ. එ.ජා.ප.යට එක්ව එහි නීති කටයුතු අංශය භාරගෙන ක්‍රියාකරන්නැයි ඔහුට ආරාධනයක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ. මෙම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ටික දිනකට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය.