2018 ජුනි 16 වන සෙනසුරාදා

ඇමෙරිකානු තානාපති ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයා ගැන අහයි

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

I දේශපාලන වාර්තාකරු

අැමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව විමසා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහිදී මහින්ද රාජපක්ෂ මහතා, දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන නම් 4 සඳහන් කර ඇති බවය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණ සටනට ඉදිරිපත් කළහොත් ඔහුට බහුතර ජනප්‍රසාදය ලබාගත නොහැකි වෙතැයි ඇමෙරිකානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා පළවිය. එහෙත් ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ ගැන කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලය එම පුවත නිවැරදි නොවන බවට නිවේදනයක් නිකුත් කළේය.