2018 ජුනි 09 වන සෙනසුරාදා

ස්වාධීන කොමිෂන්වලට අසූව පැනපු අය එපා

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

I දේශපාලන වාර්තාකරු

ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස් තනතුරුවලට වියපත් තැනැත්තන් පත් කිරීමට එරෙහිව රජයට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් (දේශයට) පැවසීය.

ප්‍රධාන පෙළේ ස්වාධීන කොමිෂන් සභා කිහිපයකට වයස අවුරුදු 80 ඉක්ම වූ කොමසාරිස්වරුන් ගණනාවක් පත්කර ඇති නිසා සේවා කටයුතු පමාවීම හා කාලයට නොගැලපෙන ප්‍රායෝගික නොවන තීන්දු තීරණ ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා සමහර ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ද වයස අවුරුදු 80 ඉක්මවූ අය යැයිද කීය. තමන් දන්නා එක්තරා ස්වාධීන කොමිෂන් සභා දෙකක අවුරුදු 87 අවුරුදු 85 අවුරුදු 83 සහ අවුරුදු 80ක් වියැති කොමසාරිස්වරුන් ගණනාවක් සේවය කරන බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම පත්වීම් සාධාරණ වයසකට සීමා කළ යුතු යැයිද කීය.