2018 ජුනි 09 වන සෙනසුරාදා

කොළඹ නගර සභා වසර මැද දින පොතට ලක්ෂ ගාණක්

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

I ජයන්ත සමරකෝන්

කොළඹ මහ නගර සභාව වසරේ මාස 6ක් ගතවීමෙන් පසු නැවතත් රුපියල් ලක්ෂ ගණනක වියදමක් දරා දිනපොත් දහසක් පමණ අලුතින් මුද්‍රණය කර ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

වසරේ මුල (ජනවාරියේ) සුපුරුදු පරිදි දිනපොත් දහසකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කර තිබියදී නැවතත් මෙම දිනපොත් මුද්‍රණය කර ඇත්තේ නගරාධිපතිනිය හා නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ඡායාරෑප සහිතව සියලුම නාගරික මන්ත්‍රීවරුන්ගේ නම් ලිපින හා දුරකතන සඳහන් කිරීමට බවද සඳහන් වේ.

මීට පෙර ජනවාරියේ නිකුත් කළ දිනපොත්වල ජනාධිපති අගමැති දෙදෙනාගේ ඡායාරෑප පමණක් ඇතුළත් කර තිබූ අතර මෙම ඡායාරෑප දෙකද ඉකුත්දා මුද්‍රණය කළ දිනපොත්වලට ඇතුළත් කර ඇතැයිද පැවසේ.

මෙකී දිනපොත් ඉකුත් සතියේදී සෑම නාගරික මන්ත්‍රීවරයකුටම 5 බැගින් නිකුත් කර ඇතැයිද දැනගන්නට තිබේ. මෙම දිනපොත් වර්ෂය මුල නිකුත් කරන විට නගර සභාව ස්ථාපිත කොට නොතිබුණු අතර විශේෂ කොමසාරිස්වරයකුගේ යටතේ පාලනය විය.

මේ පිළිබඳව විමසීමට නගරාධිපති රෝසි සේනානායක මහත්මිය හා නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්. ඉක්බාල් මහතා සම්බන්ධ කර ගැනීමට කීපවරක්ම උත්සාහ කළද අසාර්ථක විය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01