2017 ජනවාරි 21 වන සෙනසුරාදා

හාල් මිල නග්ගන ලොක්කෙක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 03:00 149



සහල් මිල අඩුකිරීම සඳහා ලංකා වී අලෙවි මණ්ඩලය සතුව ගබඩා කර තිබෙන වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් වහාම මෝල් හිමියන්ට නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා වී අලෙවි මණ්ඩලයට කරන ලද නියෝගයක් මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයි ජනාධිපති කාර්යාලයට පැමිණිලි ගණනාවක් ලැබී ඇත. 

ජනාධිපති නියෝගයෙන් පසු මාස 2ක ගතවී ඇතත් මෙතෙක් මණ්ඩලය නිදහස් කර ඇත්තේ වී මෙට්‍රික්ටොන් 36000ක් පමණි. සහල් මිල ගණන් තවමත් ඉතා ඉහළ මට්ටමක පවතින්නේ වී තොග විධිමත් ලෙස නිදහස් කිරීමට එක්තරා දේශපාලනඥයකුගේ බලපෑම් එල්ල වී තිබීම නිසා බව එම පැමිණිලිවල සඳහන්ය. 

උපරිම සහල් මිල කිලෝවක් රු. 76 කට වඩා වැඩි නොවන සේ අතිරික්ත වී තොග නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා කළ නියෝගය උල්ලංඝනය කළ දේශපාලනඥයාට එරෙහිව පියවර ගන්නා ලෙස මෙම පැමිණිලි මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

(සංජීවිකා සමරතුංග)