2017 ජනවාරි 21 වන සෙනසුරාදා

සජිත්ගෙන් වෙඩිමුරයක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 03:00 270


 

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලයට මේ ගැන කරුණු දැක්වූ අමාත්‍ය ප්‍රේමදාස මහතා 2017 අයවැය ඇස්තමේන්තු අනුව සිය අමාත්‍යංශයට රුපියල් කෝටි 600ක් (බිලියන 6ක්) වෙන්කර තිබිණැයි කී අමාත්‍යවරයා ඉන් කෝටි 400ක් තමන් නොදැන කපා හැර වෙනත් අමාත්‍යංශ දෙකකට පවරා ඇතැයි චෝදනා නැගීය. දේශයට වාර්තා වන ආකාරයට නිවාස, ඉදිකිරීම් අමාත්‍යංශයේ මුදල්වලින් කෝටි 200ක් උතුර සංවර්ධන අමාත්‍යංශයටත් තවත් කෝටි 200ක් වතු යටිතල පහසුකම් අමාත්‍යංශයටත් පවරා තිබේ. එවිට සජිත් අමාත්‍යවරයාට ඉතිරිවන්නේ කෝටි 200ක මුදලක් පමණි.

ඒ ගැන සජිත් ප්‍රේමදාස මහතා කළ පැමිණිල්ල විමසා බැලූ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා මෙරටට පැමිණි පසු ප්‍රශ්නය සාකච්ඡා කොට තීන්දුවක් ගත යුතු යැයි ප්‍රකාශ කර ඇත.