2018 ජුනි 02 වන සෙනසුරාදා

අල්ලස් කොමිසම ගමට යයි

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

I ගයාන් ගාල්ලගේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තවත් පුළුල් කිරීමේ අරමුණින් දිස්ත්‍රික් තුනක ශාඛා තුනක් පිහිටුවීමට රජයෙන් ඉල්ලීමක් සිදුකළ බව එම කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා දේශයට පැවසීය.

එකී ශාඛාවන් මාතර, මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන් සඳහා පිහිටුවීමට යෝජනා කර ඇත.

විශේෂයෙන් අල්ලස් කොමිසම කොළඹට පමණක් සීමා නොවී සිය කාර්යභාරය රටේ සියලු ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීම හරහා අල්ලස හා දූෂණය මැඩලීම වඩාත් කාර්යක්ෂම කිරීම මින් අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.