2018 මැයි 19 වන සෙනසුරාදා

සබරගමු මහ ඇමැති තනතුරට ජෝන් සෙනෙවිරත්න?

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

l දේශපාලන වාර්තාකරු

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) හා ශ්‍රීලනිපය එක්ව සබරගමුව පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස හිටපු කැබිනට් අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කරන ලෙස එම පක්ෂවලට යෝජනාවක් ඉදිරිපත් කිරීමට රත්නපුර ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් සැරසෙන බව දේශයට වාර්තාවෙයි.

සබරගමුව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ධුරය පිට පිට වාර ගණනාවක්ම හිමිවූයේ කෑගල්ල දිස්ත්‍රික්කයට බැවින් රත්නපුරය ජනතාවට අසාධාරණයක් සිදුව ඇතැයි ප්‍රදේශයේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කරති.

එබැවින් මෙවර මහ ඇමැති ධුරය රත්නපුරයේ ජ්‍යෙෂ්ඨයකුට හිමිවිය යුතු බව ශ්‍රීල.නි.ප. බහුතරයේ අදහස බව දැනගන්නට තිබේ. ඒ සඳහා වසර 30ක් පමණ මැතිසබයේ සිටි ජ්‍යෙෂ්ඨයකු වන ජෝන් සෙනෙවිරත්න මහතාගේ නම යෝජනා කළ යුතු බව ඔවුන්ගේ අදහස වී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ශ්‍රීල.නි.ප. මන්ත්‍රීවරයෙක් ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.