සංජීවිකා සමරතුංග l
ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීන් 16 දෙනාගේ සහභාගීත්වයෙන් “හෘදය සාක්ෂියේ නිදහස” නමින් දීප ව්‍යාප්ත සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට එම කණ්ඩායම තීන්දු කර ඇත.
එහි ආරම්භක සම්මන්ත්‍රණය මෙම මැයි මස 26 දා මාතරින් ආරම්භ කෙරේ. එය හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් සංවිධානය කෙරෙන අතර රජයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීන් 16 දෙනාම ඊට එක්වීමට නියමිතය.
එම මන්ත්‍රීන් කණ්ඩායමේ සෙසු මන්ත්‍රීන් නියෝජනය කරන මැතිවරණ කොට්ඨාස 15ම ඉදිරියේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඊට පෙර අදාළ මන්ත්‍රී පිරිස විවිධ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඒ අනුව ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් මුණගැසීම ඉතා ඉක්මණින් සිදුවනු ඇතැයි ද වාර්තා වෙයි.