2018 මැයි 12 වන සෙනසුරාදා

පළාත් සභා 6ක ඡන්දය නොවැම්බරයේ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 366

ගයාන් ගාල්ලගේ l

පළාත් සභා 6ක මැතිවරණය සැප්තැම්බර් මාසයේ කැඳවා නොවැම්බර් මස මුල සතියේ පැවැත්වීමට තීරණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළ විට ඒ මහතා පවසා සිටියේ මේ වසරේ අග ඡන්දය පැවැත්වීම සඳහා සූදානම් වන ලෙසට සියලු පක්ෂවලට දන්වා  ඉල්ලීමක් කර ඇති බවය.

කෙසේ වෙතත් බොහොමයක් පක්ෂ රජයෙන් ඉල්ලා ඇත්තේ සියලුම පළාත් සභා මැතිවරණ එකවර පවත්වන ලෙසටය. එහෙත් තවමත් ඊට එකඟතාවය පළ වී නැත.දැනට සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් සභා කාලය අවසන්ව ඇත. එසේම එළැඹෙන සැප්තැම්බරයේ මැද වනවිට වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභාවල ධුර කාලය නිමවීමට නියමිතව ඇත. ඒ අනුව එකී පළාත් සභා 6 හි මැතිවරණය සැප්තැම්බර් අවසානයේ කැඳවා නොවැම්බර් මුල පැවැත්වීමට තීරණය වී ඇතැයි සඳහන් වේ.

සියලු පක්ෂ මැතිවරණය සඳහා මේ වනවිට එකඟ වී ඇත.