2018 මැයි 12 වන සෙනසුරාදා

දහසයේ නායකයා එස්.බී. නැත්නම් ජෝන්

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

I සංජීවිකා සමරතුංග

පසුගියදා විපක්ෂයට එක් වූ ශ්‍රී.ල.නි.ප හිටපු අමාත්‍යවරු 16 දෙනාගේ කණ්ඩායමේ නායකත්වයට හිටපු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා හෝ එස්.බී. දිසානායක මහතා යන දෙදෙනාගෙන් කෙනකු පත් කිරීමට නියමිත බව එම කණ්ඩායමේ විශේෂ ප්‍රකාශකයෙක් දේශයට කීය.

ඉදිරි කාලයේදී තම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂ (පොහොට්ටුව) මන්ත්‍රී කණ්ඩායම සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බවද හෙතෙම පැවසීය. අනතුරුව පොහොට්ටුව සමඟ සන්ධානගත වී සිටින සෙසු පක්ෂ මෙන් තම කණ්ඩායම් ද ඔවුන් සමඟ සන්ධාන ගත වී ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බව ඔහු වැඩිදුරටත් කීය.