2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ශ්‍රීලනිප ලොක්කන්ට කැබිනට් ඇමැතිකම් නෑ

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 492

දේශපාලන වාර්තාකරු l

ලබන සතියේ සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පුරප්පාඩු ශ්‍රී ල.නි.ප. කැබිනට් අමාත්‍යධූර 6 සඳහා කිසිදු ශ්‍රී ල.නි.ප. අමාත්‍යවරයකු පත් නොවනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අමාත්‍යධූර 6න් කම්කරු හා සමෘද්ධි විෂයයන් එ.ජා.ප.යට පැවරීමට නියමිත අතර ඉතිරි ශ්‍රී ල.නි.ප. විෂයන් 4 දැනට කැබිනට්ටුවේ සිටින ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ල.නි.ප අමාත්‍යවරුන් අතර බෙදා දීමට සැලසුම්කර ඇතැයි දැනගන්නට තිබේ.

එහෙත් ශ්‍රීල.නි.පයේ පසු පෙළ කිහිපදෙනකුට පුරප්පාඩු වූ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය පදවි කිහිපයක් ලබාදෙනු ඇතැයිද ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.