2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

එජාපය දිනවනවා අකිලගෙන් පොරොන්දුවක්

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

I ගයාන් ගාල්ලගේ

එජාපයෙන් ඈත්වූ සියලු දෙනාම එක්ව ජයග්‍රාහී ගමනක් කරා යා හැකි පක්ෂයක් තමන් විසින් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා (දේශය)ට පැවසීය.

තමන් අසීරු කාලයක පක්ෂයේ මහලේකම් ධුරය බාරගත් බවත් ඒ නිසා පක්ෂයේ වගකීම නිසිලෙස ඉටුකරන බවත් හෙතෙම කීය.

විශේෂයෙන් ඕනෑම වෙලාවක ඕනෑම ප්‍රශ්නයක් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට තමන් සමඟ සාකච්ඡා කළ හැකිබව අමාත්‍යවරයා සඳහන් කළේය. තමන් කිසිදු කල්ලි කණ්ඩායමක ලේකම්වරයා නොවන බවත් තමන් පක්ෂයේම ලේකම්වරයා නිසා පක්ෂය කළමනාකරණය කිරීම තමන්ගේ අපේක්ෂාව බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.