2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

විපක්ෂයේ අසුන් ඕනෑ 16 කණ්ඩායම මහලේකම්ට ලියයි

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

I සංජීවිකා සමරතුංග

තමන් විපක්ෂයට එක්වන බව ප්‍රකාශ කළ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් 16 දෙනාගේ කණ්ඩායම ලබන 08 දා මැතිසබය රැස්වන විට සිය කණ්ඩායමට විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

ඊට අදාළ ලිපිය පසුගිය සිකුරාදා මහ ලේකම්වරයාට බාරදුන් බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය. තමන් මැතිසබයේ ශ්‍රී.ල.නි.ප ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන බවත් පොදු ජනතාවට බලපාන ප්‍රශ්නවලදී පොහොට්ටුව ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම දේශයට පැවසීය.

ළඟදීම සිය කණ්ඩායමට නායකයකු පත්කරගන්නා බව පැවසූ හෙතෙම තම පිරිසට විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපතිවරයා අවසර දුන් බවද කීය.