2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

20 ගැන තාම තීන්දුවක් නෑ

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තවමත් එකඟතාවයකට පැමිණ නැති බව එම කණ්ඩායම් දෙකෙහි ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් දේශයට පැවසූහ.

ජනතා විමුක්ති පෙරමුණ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර හෝ කිසිදු ලියැවිල්ලක් ඉදිරිපත් කර නොමැති නිසා එකඟතාවයකට නොපැමිණි බව එහි ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය. යෝජනාව ඉදිරිපත් කළ පසු එය මධ්‍යම කාරක සභාව හරහා තීරණය කරන බවද හෙතෙම පැවසීය.

එසේම පසුගිය අඟහරුවාදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීම පැවති මොහොතේ හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම සංශෝධනයේ කෙටුම්පත දකිනතෙක් තීරණයක් නොගන්නා ලෙසයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට න්‍යායපත්‍රයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයකට එළඹෙන ලෙස රාජපක්ෂ මහතා පක්ෂ නායකයන්ට දන්වා ඇත.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00