2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

තෙල් බැරලය ඩොලර් 75ට නගී

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

I යසවර්ධන රුද්රිගු

මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75 ඉක්මවා ඉහළ ගොස් ඇත. වසර තුනකට අධික කාලයකට පසුව බොර තෙල් මිල මෙතරම් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වේ. අවසන්වරට බොරතෙල් මිල වැඩි වූයේ 2015 වසරේ මාර්තුවලය.

පසුගිය සතිය පුරා බොර තෙල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවැති අතර මේ අනුව වසර මුලදී පැවැති තෙල් මිලට සාපේක්ෂව මේ වනවිට මිල මට්ටම සීයයට 20කින් වැඩිවී තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර ඇතිවී තිබෙන ගැටුම මේ වනවිට වර්ධනය වෙමින් පවතින අතර අමෙරිකාව ඉරානයට එරෙහිව නැවත වරක් සම්බාධක පැනවීමට යන බවට සැක කිරීම මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතුව බව ජාත්‍යන්තර වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

මැයි මස 12 දිනට පෙර අදාළ න්‍යෂ්ටික සම්මුතියේ පවතින දරුණු අඩුපාඩු නිවැරදි කිරීමට යුරෝපීය හවුල්කරුවන් ක්‍රියා නොකරන්නේ නම් ඉරානයට එරෙහිව යළි සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙලෙස සම්බාධක පැනවීමක් සිදුවුවහොත් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව MC Markets ආයතනයේ ප්‍රධාන විශ්ලේෂක මයිකල් හෙව්සන් කීවේය.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00